Thursday, January 16, 2025

General line - 0115112241

බහාලුම් 800ක් පරික්ෂා නොකර නිදහස් කිරීමේ තීරණයක්

එන් ඒ ඩබ් නිරෝෂන්




වරායේ බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය අවම කර ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ වරාය පරිශ්‍රයේ සිරවී තිබූ බහාලුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට නිෂ්කාශනය කර ඇති බවයි.

වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ බහාලුම් 600ත් 800ත් අතර ප්‍රමාණයක් පරික්ෂාවකින් තොරව නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි.

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරී ගොස් ඇති බවට වාර්තා ලැබී ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසුවා.