Thursday, January 16, 2025

General line - 0115112241

රට පාලනය කිරීමේදී බොළඳ තර්කවලින් ඵලක් නැහැ




රට පාලනය කිරීමේදී බොළඳ තර්කවලින් ඵලක් නොවන බවත් ප්‍රායෝගික තත්ත්වයට මුහුණ දීම මත ඉදිරිය තීරණය වන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

 ඇය සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව ද ඉකුත් මැතිවරණ සමයේ සිට බොළඳ තර්ක ඉදිරිපත් කරමින් සිටින බවයි.

සියලු පාර්ශව එකතු වී එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි ඇය සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.