විදේශිකයින්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙම ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවයි.
පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙය සිදු කරන බවට සැකයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවද ඔහු අවධාරණය කළා.