වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට දැන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ වර්තමාන ආණ්ඩුවේ වැඩකටයුතු හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වටිනාකම දැන් රටට දැනෙමින් ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.