Thursday, December 26, 2024

General line - 0115112241

‘තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ඉඩ තියන්නේ නැහැ’




ති‍්‍රකුණාමලය වරායේ ඇති ඛනිජ තෙල් ටැංකි පද්ධතිය ඉන්දියාවට විකිණීමේ සූදානමක් ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර සඳහන් කළේ 2003 වසරේදී අදාළ තෙල් ටැංකි පද්ධතිය ඉන්දීය සමාගමකට බදු ගිවිසුමක් යටතේ පවරා දී තිබූ බවයි. එහෙත් එම ගිවිසුම මේ වන විට අවලංගු වී ඇති බවද බන්දුල සමන් කුමාර සඳහන් කළා.

ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී සඳහන් කළේ මීට පෙර රජයන් තුනක්ම මෙම තත්ත්වය පවත්වාගෙන ගොස් ඇති බවයි.

එහෙත් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර සඳහන් කළේ මීට එරෙහිව දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බවයි. ජනාධිපතිවරයා සහ විෂය භාර ඇමතිවරයා මේ සඳහා අකමැතිනම් මෙය සිදුකරන්නේ කාගේ උවමනාවටදැයි යන්නත් ප්‍රශ්න කළා.