Wednesday, January 22, 2025

General line - 0115112241

උපාලි පන්නිලගේ මහතා සම්බන්ධ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

උදය කුමාර




අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. 

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එම් ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු‍ දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි. 

ඒ අනුව මේ මස 27 වනදාට පෙර සියලු‍ වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා. 

ඉන් අනතුරුවයි පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවීමට ද නියම කෙරුණේ.