Monday, January 27, 2025

General line - 0115112241

ඊශ්‍රායල් - හමාස් සටන් විරාමයෙන් පසු තවත් ප්‍රාණ ඇපකරුවන් 204ක් මුදාහැරේ




ඊශ්‍රායල හා ගාසා තීරය අතර පවතින සටන් විරාම ගිවිසුම හේතුවෙන් ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල් කාන්තා සොල්දාදුවන් හතර දෙනෙකු නිදහස් කර තිබෙනවා. 

හමාස් සංවිධානය විසින් මෙම කාන්තා සොල්දාදුවන් සිව්දෙනා නහාල් හමුදා කඳවුරේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ඊශ්‍රායල විසින් පලස්තීන සිරකරුවන් 200 ක් ද නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එම ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීම සඳහා විශාල ජනතාවක් ගාසා තීරයේ පලස්තීන චතුරශ්‍රයේ රැස්ව සිට තිබෙනවා. 

සටන් විරාමය ගිවිසුමෙන් පසු ඊශ්‍රායලය හා ගසා තීරය අතර සිදු වූ දෙවන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව මෙය වනවා.