Saturday, December 28, 2024

General line - 0115112241

සයිටම් ගැන කියන්න අධිකරණය දෙස බලයි




මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව පිළිගැනීමට රජය සූදානමින් සිටින බව විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට සියලු පහසුකම් ලබා දී තිබියදී අනවශ්‍ය කරුණු වෙනුවෙන් පෙනී සිටිමින් ගැටලුවක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සහ දරන බවයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතා පා ගමනක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසකට පොලිසිය ඊයේ (31) කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව ප‍්‍රකාශ කළා.