හල්දුම්මුල්ල ඌවතැන්න රජයේ රක්ෂිතයක හටගෙන ඇති ගින්නක් හේතුවෙන් අක්කර 500 ක පමණ භූමි ප්රදේශයක් මේ වන විට විනාශ වී තිබෙනවා.
ගින්න මීට දින කිහිපයකට පෙර හට ගැනුනු අතර එය නිවා දැමීම සඳහා කිසිඳු පාර්ශ්වයක් පියවර ගෙන නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර සඳහන් කළේ.
කළුපහන නායමඩිත්ත දෙසින් ආරම්භ වී ඇති මෙම ගින්න මේ වන විට බඹරකන්ද දියඇලි රක්ෂිතය වෙතද පැතිර ගොස් තිබෙනවා.