Saturday, November 9, 2024

General line - 0115112241

‘‘ඒකීය රට’’ ශ‍්‍රීලනිපයට අමතකයි (VIDEO)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 65වන සම්මේලනයේදී සම්මත කරන ලද යෝජනාවලින් ඒකීය රටක් සහ නොබෙදුණු රටක් යන වචන හැලී ගොස් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ද ප‍්‍රශ්න කළා.

ඔහු පැවසුවේ වචනවල ඇති අඩුපාඩුකම් සෙවීම නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිස් දැන් කළ යුත්තේ පක්ෂය දිනවීමට එක්වීම බවයි.