Saturday, November 9, 2024

General line - 0115112241

මහකොමසාරිස්ට කෙරුණු පහරදීම පාර්ලිමේන්තුවටත්




මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ඉකුත් දා කෙරුණු පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රශ්න කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ සඳහා ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයාගෙන් ඊයේ (05) කරුණු විමසූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මේ වනවිට විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබෙනවා.

අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයින් මැලේසියාවේ පදිංචි ඉන්දීය ජාතිකයින් බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.