වේලායුදන් දයානිධි නොහොත් දයා මාස්ටර් වෙනුවෙන් පවතින නඩු විභාගය අද(06) වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සෂිමහේන්ද්‍රන් මහතා ඉදිරියේ නැවත කැඳවනු ලැබුවා.
අවසන් යුධ සමයේ සාමාන්‍ය ජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධයෙන් දයා මාස්ටර් නමැත්තා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලබාදුන් කට උත්තරයක් පදනම් කර ගනිමින් ත‍්‍රස්ත විමර්ෂණ පනතේ කොන්දේසි මත දයා මාස්ටර් වෙත ත‍්‍රස්ත විමර්ශන ඒකකය පැවරු නඩුව වවුනියාව මහාධිකරණයේ එලෙස විභාගයට ගැණුනා.
නඩුව විභාගයට ගත් අවස්ථාවේ වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවේ එළැඹෙන නඩු විභාගය සැප්තැම්බර් 28 වැනිදා දක්වා කල්තබන ලෙසයි.
දයා මාස්ටර් ඇප මත නිදහස් කොට තිබෙන අතර, උතුරු පළාතෙන් පිට ගමන් කළ නොහැකි බවට හා සෑම දිනකම උදැසන 9.00 සිට 12.00 දක්වා කාලය තුළ යාපනය මූලස්ථාන පොලිසියේ පෙනී සිටින ලෙසටද ඇප කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා.
දයා මාස්ටර් එල්.ටී.ටී සංවිධානය ක‍්‍රියාකාරි සමයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළා.