Saturday, November 9, 2024

General line - 0115112241

මහින්දගේ ගමන පිළිගන්න බැහැලු




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයට සහභාගී නොවූ පක්ෂ සාමාජිකයින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නොගන්නා බව පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පිරිස් අතර කුමණ මත තිබුණද පක්ෂයේ උපන්දිනය එකට සැමරීමේ හැකියාව තිබූ බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.

සම්මේලනයට සහභාගී නොවී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මැලේසියාවේ සමුළුවකට යාම පිළිගත නොහැකි බවයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ. එය අත්‍යවශ්‍ය ගමනක් නොවන බව ද අවධාරණය කෙරුණා.