රියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනයට සමත්ව සිටිනවා. ඒ, පදක්කම් 191ක් දිනාගනිමින්.
ඊට රන් පදක්කම් 84ක්, රිදී පදක්කම් 66ක් හා ලෝකඩ පදක්කම් 41ක් ඇතුළත්.
පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ මහා බි්රතාන්යයි. රන් පදක්කම් 50ක්, රිදී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 31ක් දිනාගනිමින් ඔවුන් දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 109ක්.
අමෙරිකාව අභිබවමින් එම සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට යුක්රේනය සමත්ව සිටිනවා.
ඔවුන් දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 93ක්. ඊට රන් පදක්කම් 35ක්, රිදී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 30ක් ඇතුළත්.
පදක්කම් 89ක් දිනා සිටින අමෙරිකාවට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.