ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලේක්හවුස් සේවකයන් අද (19) ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එහිදී ඇතැම් සේවකයන් ලේක්හවුස් ගොඩනැගිල්ල උඩ නැග සිය විරෝධය පළ කළා.
වැටුප් වැඩි කිරීම, වැටුප් සම්බන්ධයෙන් ඇති ගිවිසුමක් සංශෝධනය කිරීම සහ මාරුවීම් අවසන් කිරීම ආදිය ඔවුන්ගේ ඉල්ලීම් වනවා.