Friday, November 15, 2024

General line - 0115112241

අපහාසයකට අදාළ නඩුවකින් අනූෂ සහ සුදර්මන් නිදහස්




විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හා සුදර්මන් රදලියගොඩ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩුවකින් ඔවුන් අද (20) නිදහස් කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයකට අනුවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බාලවයස්කාර දරුවෙකු යොදාගෙන ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ.

සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබූ බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවා.