Friday, November 15, 2024

General line - 0115112241

උසාවි එද්දී අත් පා කපලා – වෙන් වුණු අවයව බද්ධ කරන්න වෛද්‍යවරු දැඩි උත්සහයක




මොරටුව උසාවියට යමින් සිටියදී  තියුණු ආයුධවලින් සිදු කරන ලද ප්‍රහාරයකට ලක්ව අත් පා  හා ගෙලෙහි බරපතල කැපුම් තුවාල ලද පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ වම් අතේ කැපී වෙන්වුණු ඇඟිලි බද්ධ කිරීමේ සැත්කම් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබූ ඇති බවයි රෝහල් ආරංචි පවසන්නේ.

ප්‍රදීප් නමැති එම පුද්ගලයාගේ අත් සහ පාදවල දරුණු කැපුම් තුවාල ඇති බවත් මන්නයක් වැනි ආයුධයකින් කැපීම් සිදු කර ඇති බවත් අනුමාන කළ හැකි බවයි  පොලිසිය පැවසුවේ.

සිය මවගේ නඩුවක් සඳහා අධිකරණයට පැමිණෙමින් සිටි පුතෙකු මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.