ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (29) පස්වරුවේ ශ්රී ලංකා මහ බැංකුවට පැමිණියා.
එහි නිලධාරීන් අමතා ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් ද කළ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුවට තවත් පැය කිහිපයකින් නව අධිපතිවරයෙකු පත්කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද දහවල් ප්රකාශ කළා. එම අවස්ථාවේ ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ ප්රදේශයේ උත්සවයකට සහභාගි වෙමින් සිටි අතර එහිදී ඔහු විසින් කළ ප්රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ අදාළ සටහන තබා තිබුණා.
මහ බැංකුවට නව අධිපතිවරයෙක්! ජනපති ට්විටර් පණිවුඩයකින් දැනුම්දෙයි
(Jun 29, 2016 @ 12:02)
මහ බැංකුවට නව අධිපතිවරයෙක් ඉදිරි පැය කිහිපයතුළ පත්කරන බව, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තම ට්ව්ටර් ගිණුම ඔස්සේ පවසා තිබෙනවා.
මේ අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්රමසිංහ මහතා මහ බැංකුව පරිශ්රයට ගොස් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
I will appoint a new Governor to the Central Bank in the coming hours.
— Maithripala Sirisena (@MaithripalaS) June 29, 2016