මෙම මාසයේ ගත වූ දින නවය තුළ සියඹලාණ්ඩුව පොලිසියට නඩු 300 ක් ලැබී තිබෙනවා.
රථ වාහන නඩු, බීමතින් රිය පැදවීම් හා බීමතින් අශෝභන ලෙස හැසිරීමේ සිද්ධීන් ඒ අතරට අයත්. ඊට අමතරව වරෙන්තුකරුවන් 43 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් සියඹලණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතයි.