නුවරඑළිය ආගරපතන ප්රදේශයේ දී අද (10) සිදු වූ රිය අනතුරකින් ළමුන් ඇතුළු 74 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදු වූයේ පෞද්ගලික බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන්. ඒ වනවිට බස් රථය තලවකැලේ සිට ඩයගම දක්වා ධාවනය වෙමින් තිබුණා.
තුවාල ලැබූවන් අතරට පිරිමි ළමුන් 35 දෙනෙකු ඇතුළත්. ගැහැනු ළමුන් 36 දෙනෙකු ද අනතුරෙන් තුවාල ලැබුවා. බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් තිදෙනෙකු ද තුවාල ලැබූ පිරිසට අයත්.
තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණේ ආගරපතන ප්රාදේශීය රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.