Tuesday, December 24, 2024

General line - 0115112241

ඡායා කැබිනෙට්ටුවේ සැබෑ අරමුණු එළියට




වත්මන් ආණ්ඩුව පෙරලා දැමීම එ්කාබද්ධ විපක්ෂය නම් කළ ඡායා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමුඛ අරමුණ බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් සොයිසා මහතා පවසනවා. පනස් දෙනෙකුගෙන් යුත් ඡයා කැබිනට් මණ්ඩලයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ රංජිත් සොයිසා මහතායි. ඡායා කැබිනට් මණ්ඩලයක් පත් කළේ කුමන අරමුණකින්දැයි නෙත් නිවුස් ඔහුගෙන් විමසා සිටියා.

මෙය හුදු නම් කිරීමක් පමණක් නොව අරමුණක් ඇති වැඩපිළිවෙළක ආරම්භයක් බවයි රංජිත් සොයිසා මහතා සඳහන් කළේ. එමෙන්ම අනාගතයේදී එ්කාබද්ධ විපක්ෂය රජයක් පිහිට වූ අවස්ථාවක ඡයා කැබිනට් මණ්ඩලයට නම් කර ඇති අමාත්‍යවරුන්ට ඊට අදාළ විෂය පථයම බොහෝ දුරට ලැබීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.