තායිලන්තයේ නව රජුගේ කිරුළු පැළඳීම තවත් වසරකින් කල් යනු ඇතැයි එරට රජය අද (16) අනාවරණ කළා.
භූමිබෝල් රජුගේ අභාවයෙන් පසු තායිලන්තයේ නව රජු ලෙස කිරුළ හිමි වූයේ වජිර ලොන්කොන් කුමරු හටයි.
ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ සිය පිය රජතුමා වෙනුවෙන් ශෝකය පල කිරීමට තවත් කාලයක් අවශ්‍ය බවයි.
භූමිබෝල් රජු ඉකුත් බ‍්‍රහස්පතින්දා දැයෙන් සමුගත් අතර ඔහු වෙනුවෙන් එරට ජනතාව තවදුරටත් ගුණ සමරු සිදු කරමින් සිටිනවා.
තායිලන්තයේ සුප‍්‍රකට බැංකොක් නුවර රතු වීදිය ද අඳුරු ස්වභාවයක් ගෙන තිබුණේ එලෙස ශෝකය පල කිරීමක් ලෙසයි.