Thursday, December 26, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් දෙදෙනාට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණයක් (PHOTOS)




යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයින් සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට අද (23) සවස 2.45ට පමණ කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තිබුණා. පහරදුන් පිරිස පැමිණ ඇත්තේ යතුරු පැදිවලින් බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පහර දුන් පිරිස වෙළෙඳසැලකින් කප්පම් ගැනීමට උත්සහ දරා තිබෙනවා. එය වැළැක්වීමට මෙම පොලිස් නිලධාරීන් උත්සහ දැරූ අවස්ථාවේ අදාළ පහරදීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තෙලිප්පලෙයි රෝහලට පලමුව ඇතුළත් කෙරුණා. ඔවුන් යාපනය රෝහලට ඇතුළත් කෙරුණේ ඉන් අනතුරුවයි.

නෙත් නිවුස් කළ විමසීමකදි යාපනය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශී‍්‍ර භවානන්ද රාජා පැවසුවේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි. එක් අයෙකුකේ අතකට සහ අනෙක් පුද්ගලයාගේ හිසට තුවාල සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ.

පහරකෑමට ලක්ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙක්.

මේ අතර මෙම සිද්ධියෙන් පසුව ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා.

police-www-nethnews-lk00001 police-www-nethnews-lk00002 police-www-nethnews-lk00003 police-www-nethnews-lk00004 police-www-nethnews-lk00005