ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මඩකළපුව හිටපු නගරාධිපතිනි ශිවගීතා ප්රභාකරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු නගරාධිපතිනියට අයත් මඩකළපුව – ත්රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මඩකළපුව පොලීසිය විසින් අදාළ නිවස පරීක්ෂා කර තිබෙනවා.
එහිදී මඩකළපුව හිටපු නගරාධිපතිනිය සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
උපුටා ගැනීම metronews වෙබ් අඩවියෙන්