Thursday, December 26, 2024

General line - 0115112241

භාෂාව නිසා කිසිදු ගැටලුවක් ඇති නොවිය යුතුයි




භාෂාව පදනම් කර ගනිමින් රට තුළ කිසිදු ගැටලුවක් ඇති නොවිය යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අද (23) පැවති සමස්ත ලංකා දෙමළ භාෂා දින තරගාවලියේ සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමින්.

ඕනෑම භාෂාවක් කතා කරන පුද්ගලයෙකුට තමාගේ භාෂාවෙන් පරිපාලන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

සමස්ත ලංකා දෙමළ භාෂා දින සම්මාන ප‍්‍රදානෝත්සවයකට රාජ්‍ය නායකයෙකු සහභාගි වූ පළමු අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය එ්කකය පැවසුවේ.

jaffna-1 jaffna-2 jaffna-3 jaffna-4 jaffna-5 jaffna-6