තුර්කියේ සිදු වූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක කෙරෙන සිවිල් සේවකයින් දස දහසකගේ වැඩ තහනම් කර තිබෙනවා.
මාධ්‍ය ආයතන 15 ක් ද වසා දැමීමටයි තුර්කි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
පසුගිය ජූලි මාසයේ සිදු වූ අසාර්ථක කුමන්ත්රණයෙන් පසු මේ දක්වා වැඩ තහනමට ලක් වූ සිවිල් සේවකයින්ගේ ගණන ලක්ෂයකට අධික බවයි පැවසෙන්නේ.
වසා දමා ඇති මාධ්‍ය ආයතන සංඛ්‍යාව ද 160 කට අධිකයි.