ලාංකේය සංගීත කලාව සුපෝෂනය කල හෙලයේ මහා ගාන්ධර්ව අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී.අමරදේවයන් අද (05) පස්වරුවේ ජාතියෙන් සමුගත්තා. ඒ සකල ශී‍්‍ර ලංකා වාසීන්ගේ නෙතට කඳුලක් එක් කරමින්.
අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිදහස් චතුරස්රයේදී සිදු කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම සෙසු ආගමික නායකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇතුළු මැති ඇමැතිවරුන් කලාකරුවන් මෙන්ම අතිවිශාල ජනකායක්ද අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු රාජ්‍ය උත්සවයට එක් වුණා.
එ් පිළිබඳ නෙත් නිවුස් තබන සටහනක් පහතින් ඇසිය හැකියි.
අද පස්වරු 3.00 සිට නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම සියලු තොරතුරු ‘මහානර්ඝ ගාන්ධර්ව’ නමින් සජීවි වැඩසටහනක් ලෙස නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට විකාශය කිරීමටද කටයුතු කළා.