Tuesday, November 19, 2024

General line - 0115112241

ආයුර්වේද වෛද්‍යවරුන්ට සෞඛ්‍ය ඇමතිගෙන් තහනමක්




ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර ඖෂධ වර්ග ලබාදීම වහා නතර කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර වෛද්‍යවරුන්ගේ කාර්යන් ඉටු නොකළ යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාවින්න බණ්ඩාරනායක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී ආයුර්වේද වෛද්‍ය සේවාවේ ප‍්‍රාථමික සේවය සඳහා වෛද්‍ය පත්වීම් 107 ක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“ආයුර්වේද වෛද්‍ය උපාධියත් උපාධියක්. බටහිර වෛද්‍යවරුන්ගේ උපාධිය සමග සසඳන්න යන්න එපා. මෙම උපාධියත් ඉතා වැදගත්.

වසර 2500 ක ඉතිහාසයකට උරුමකම් කියන පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය රැකගන්නේ ඔබයි. ඒ කාලේ සෞඛ්‍ය ප‍්‍රශ්න තිබුනා කියා මම නම් දන්නේ නැහැ.

බටහිර වෛද්‍ය ක‍්‍රමයන් සමගත් රෝගාබාධ දක්නට ලැබුනා. උතුරු කොරියාවේ මේ වනතුරු ක‍්‍රීයාත්මක වන්නේ එරට දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. නීරෝගී මිනිසුන් සිටිනවා. ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ තිබෙන්නෙත් දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. චීන වෛද්‍ය විද්‍යාවත් ඉතාම දියුණුයි. චීන වෛද්‍ය විද්‍යාව ශ‍්‍රී ලාංකිකයින්ට හදුන්වාදීමට මම සුදානම් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පිළිබඳ පර්යේෂණ සිදු කරන්න. පාරම්පරික වෛද්‍ය ක‍්‍රම ගුරු මුෂ්ථි නොමැතිව ලබා දෙන්න.

ලබන වසර මුලදී මම උතුරු කොරියාවේ දේශීය වෛද්‍ය ක‍්‍රමය හැදෑරීම සඳහා සංචාරයක නිරත වෙනවා. මම ලිං මැඩි දේශපාලනය කරන්නේ නැහැ. මට දේශීය වෛද්‍ය ක‍්‍රමය දියුණූ කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. මම ගෝලීය මානසිකත්වයෙන් කටයුතු කරනවා.”

01-1