විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (29) නියෝග කළේ සැකකරුව දෙසැම්බර් 7 දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි
කරුණා අම්මාන් අත්අඩංගුවට
(Nov 29, 2016 @ 11:44)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත්, කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද(29) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඒ අනුව අදාළ චෝදනාව යටතේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුනු බවයි වාර්තාවන්නේ.