Wednesday, December 25, 2024

General line - 0115112241

නාමල් ගලවාගන්න මම යන්නේ නැහැ




අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් අධිකරණයට හෝ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා තම පුතෙකු වුවත් ඔහු දේශපාලනඥයෙකු වන බවයි.

ඉකුත් සමයේ තවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු බවද අධිකරණවලට ඉදිරිපත් කෙරුණු බවද මෙහිදී සිහිපත් කෙරුණා.

ඔවුන් කිසිවෙකු වෙනුවෙන් හෝ තමන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ අධිකරණ වෙත නොගිය බවයි මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ නිසා තමන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ අධිකරණය වෙත යා යුතු නොවන බව ඔහු පැවසුවා.