ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ටේරසරීස් සමාගම අද (30) දිනයේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර වෙන්දේසියටද එක්ව ඇතැයි එ්කාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී එ් සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මෙම චෝදනාව සිදු කළා.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ 2015 වසරේ පෙබරවාරි මාසයේ සිදු වූ සහ 2016 මාර්තු මාසයේ යළි සිදු වූ වංචාව අද දිනයේත් සිදු වීමට ඉඩ ඇති බවයි. එම ආයතනයේ බලපත්‍රය තවදුරටත් සක්‍රියව පවතින බවත් සඳහන් කළා.