ලංකා විදුලිබල මණ්ඩලයේ දෙනියායේ පිහිටි උප පොළකට යාබද රක්ෂිතයේ අද (11) දහවල් ගිනි ගැනීමක් ඇති වුණා.
සුළං හේතුවෙන් මෙම ගින්න ඉතා ඉක්මනින් පැතිර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
කෙසේ වෙතත් අධිබල විදුලි රැහැන් ගින්නෙන් ආරක්ෂා කරගැනීමට හැකි වී තිබෙනවා.
ගින්න නිවා දැමීමට මාතර මහනගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක්ද පිටබැද්දර සහ කොටපොල ප්රාදේශීය සභාවන් හි ජල බවුසර් ද යොදා ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.