උපාධිධාරී අායුර්වේද වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම කඩිනම් කරන ලෙස බල කරමින් මේ වන විට රාජගිරිය ආයුර්වේද වටරවුම අසළ පැවැත්වෙන සත්‍යග්‍රහයේ අසුන්ගෙන සිටින වෛද්‍යවරියක් සිය සිඟිති දියණියද කැටුව සිටින ඉතා සංවේදී අවස්ථාවක් මීට සුළු මොහොතනට පෙර අප කැමරාවේ මෙලෙස සටහන් වුණා.
අදට දින 06 ක් ගත වී ඇති සත්‍යග්‍රහය මෙහෙයවන රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ පත්වීම් 647 ක් වෙනුවෙන් තමන් මෙලෙස කටයුතු කරන බවයි.