උතුරු මැද පළාතේ ආයුර්වේද රෝහල්වල සේවක සේවිකාවන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද අනුරාධපුර ආයුර්වේද මහ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
අනියම් හා ආදේශක සේවකයන් වහාම ස්ථිර කිරීම, රුපියල් දහසක විශේෂ දීමනාවක් ලබාදීම සහ අයවැයෙන් ලැබුණු වැටුප් වර්ධකයේ 2016 වසරේ කොටස කඩිනමින් ලබාදීම ඔවුන්ගේ ප්රධාන ඉල්ලීම් වනවා.
ආහාර දීමනාවේ සහ නිළ ඇඳුම් දීමනාවේ හිග මුදල් වහාම ලබාදීම තවත් ඉල්ලීමක්.