Friday, December 27, 2024

General line - 0115112241

මහමෙව්නා උයනේ පෞරාණික ගල්කැටයමක් හොරු ගෙනියයි!




අනුරාධපුර මහමෙව්නා උයනේ සිදුකෙරෙන කැණීමකදී හමුවූ කැටයම් සහිත පෞරාණික ගල් පුවරුවක් සොරකමකට ලක්ව තිබෙනවා. මෙම කැණීම සිදුකෙරෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘතිය යටතේයි.

රුවන්වැලි මහා සෑයට නුදුරින් පිහිටි පොකුණක තිබී අදාළ කැටයම් සහිත ගල් පුවරුව හමු වී තිබෙනවා. සොරකම සිදුව ඇත්තේ ඉකුත් සෙනසුරාදා රාත‍්‍රියේදී බවයි සැකකෙරෙන්නේ. ගල්පුවරුව තිබූ ස්ථානයට සමීපව සැක සහිත ටයර් සලකුණු කිහිපයක් විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කැටයම් සහිත එම පෞරාණික ගල් පුවරුව වාහනයක පටවාගෙන රැගෙන ගොස් ඇති බවට සැක කළ හැකි බවයි මහා විහාර ව්‍යාපෘතියේ කළමනාකරු චන්දන වීරසිංහ මහතා පැවසුවේ.

IMG_5908 IMG_5916 IMG_5922