Friday, December 27, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ගේ අලුත් පත්වීමටත් විරෝධයක්




හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රජයේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධානියා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය සිය විරෝධය පළ කරනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ චෝදනා එල්ල වී ඇති අයෙකු එම චෝදනාවලින් නිදහස් වන තුරු එවැනි පත් කිරීමක් සිදුකිරීම උචිත නොවන බවයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක මහතා පැවසුවේ මෙම පත් කිරීම යහපාලනයට නොගැලපෙන බවයි.