මාගම්පුර වරායට සංචාරක මගී නෞකාවලින් පැමිණෙන සංචාරකයන් හරහා මැලේරියා රෝගීන් රටට ඇතුළුවීමේ අවදානමක් මතුව තිබෙනවා.
හම්බන්තොට මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප‍්‍රාදේශීය නිලධාරි බී එස් එල් පීරිස් මහත්මිය සඳහන් කළේ නෞකා මගින් මාගම්පුර වරායට පැමිණෙන සංචාරකයන්ගේ මැලේරියා රෝගී තත්ත්වය සොයා බැලීම සඳහා ලේ පරීක්‍ෂා කිරීමේ ක‍්‍රමවේදයක් නොමැතිවීම මීට හේතු වී ඇති බවයි.
මැලේරියා රෝගය දැනට ලංකාව තුළ සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති අතර විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් මගින් එම රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පරීක්‍ෂා කිරීම් ගුවන් තොටුපොලවල සහ සෙසු වරායන්වල සිදු කෙරෙනවා.