Friday, December 27, 2024

General line - 0115112241

වෙළඳුන් 346කට නඩු




අත්‍යවශ්‍ය භාණ්ඩ 16 කට පැනවූ පාලන මිළට භාණ්ඩ අළෙවි නොකළ වෙළඳුන් 346 දෙනෙකුට නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එහි නියෝජ්‍ය අධක්‍ෂ සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවේ සැක සහිත වෙළඳසැල් 650 ක් ඉකුත් දින 4 තුළ පරීක්‍ෂාවට ලක් කළ බවයි.

මේ අතර මෙම වසරේ මුල් මාස 6 තුළ පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළඳසැල් 10162ක් වැටලූ බවද සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවා.

ඔවුන්ගෙන් දඩ මුදල් වශයෙන් රුපියල් හාර කෝටි පනස් හත් ලක්‍ෂයකට අධික මුදලක් අයකර ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.