Thursday, January 16, 2025

General line - 0115112241

අළුබඳුන ඕස්ට්‍රේලියාව රැගෙන යයි




අළුබඳුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 04ට බින්දුවක් ලෙස ජයගැනීමට  ඕස්ටේ‍්‍රලියාව අද (08) සමත් වුණා.

ඒ, සිඩ්නි නුවර දී එංගලන්තය සමග පැවති පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ඉණිමකින් සහ ලකුණු 123 කින් ජය ගනිමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 346ක් රැස් කළ අතර ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 07කට ලකුණු 649ක් රැස්කර ගෙන සිටිය දී ඉණිම අත්හිටවූවා.

එංගලන්තයට සිය දෙවන ඉණිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.