Thursday, January 16, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද ඕස්ට්‍රේලියාව සමග සටනට

කසුන් කැලුම්




පස් වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය අද (09) පැවැත්වෙනවා.

එ් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිවයි. 

මෙවර තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ පාකිස්ථානය සත්කාරකත්වය දරනවා.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද පැවැත්වෙන්නේ ඩුබායි නුවර අජ්මාන් ඕවල් කී‍්‍රඩාංගණයේදීයි.

මේ අතර ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර පැවසුවේ ශී‍්‍ර ලාංකේය දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට නෙත් ස්පෝර්ට්ස්මන් ඉටු කළ මෙහෙය ද අගය කළයුතු බවයි.

අද තරගයේ සූදානම පිළිබඳ ඩුබායි නුවර සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක් වූ ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය සඳහන් කළේ සිය කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රීඩකයින් නිසා අද තරගය පහසුවෙන් ජය ගැනීමට හැකි වෙනු ඇති බවයි.