Thursday, January 16, 2025

General line - 0115112241

ඇමති අර්ජුනට නව තනතුරකට ඇමති දයාසිරිගෙන් ඇරයුම්




කි‍්‍රකට් පාලක මණ්ඩලය විවේචනය නොකර කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍ය අර්ජුන රණතුංග ගෙන් ඉල්ීලීමක් කරනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඉකුත්දා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ මෙම කාලසීමාවේදී කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නොයෙකුත් අපහාස විඳීමට සිදු වූ බවයි.

"බෝලයක් බැට් එකක් අල්ල නැති සින්දු කියල නටන්න පුළුවන් අය හිතනව ක්‍රීඩාංගනයට ගිහිල්ල හැමදේම කරන්න පුළුවන් කියල. ජාතික කණ්ඩායම තෝරණකොට පරිපාලනයේ ඉහළ ඉන්න නිලධෘරීන් නියෝජනය කරන ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයෝ කොයි තරම් සෙල්ලම් කරනවද කියල බලන්න. තාම අපි පස්ස ඇණ ගත්තේ නැහැ. තවම ක්‍රිකට් වැටිල නැහැ."

අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයට කී‍්‍රඩා අමාත්‍ය දයාසාරි ජයසේකර මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

"මං කියන්න කැමතියි අර්ජුණ රණතුංගු 96දී ගහපු ක්‍රිකටුයි අද ක්‍රිකටුයි අහසයි පොළොවයි වගෙයි. ඒ කාලේ ඩේවිඩ් බූන්ල හිටිය අර්ජුණ රණතුංගල හිටිය. අද එහෙම නැහැ. මට සිංදු කියන්න පුළුවන් වුණයි, අර්ජුණට සිංදු කියන්න බැරිවුණයි කියල මට ඉරිසියා කරන්න එපා. එයාට ඕන හැමදාම ලංකාවේ ක්‍රිකට් පරදින්න. ලෝක කුසලානය ආයේ කවදාවත් ලංකාවට නොගෙනෙන්න. පරදිනකොට පරදිනෝ කියල කෑ ගහනව. දිනනකොට කතා කරන්නෑ. මේ තියෙන්නේ ඊර්ෂාවක්. තමන්ට ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න බැරි වුණයි කියල අපි මැරෙන්නයැ. එක්කෝ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. නැත්නම් ක්‍රීඩා අමාත්‍යංශය බාරගෙන මේකත් කාල ඉවර කරන්න."