Thursday, January 16, 2025

General line - 0115112241

තුන්කොන් සටනේ විශිෂ්ඨ ජය ශ්‍රී ලංකාවට

කසුන් කැලුම්




තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත්වුනා.

ඩකාහිදී පැවති අවසන් මහා තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුනේ ලකුණු 79 කින්.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර උණුසුම් මුහුණුවරක් ගත් අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තා.

උපුල් තරංග 56 යි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ නිරෝෂන් දික්වැල්ල 42 ක් ලබාගැනීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් 28 යි. පන්දු යැවීමේදී රුබල් හුසේන් කඩුලු 4 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 41 යි පන්දු 1 ක් අවසානයේ දී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 142 ක් පමණයි.

--------------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! නවකයෙකුත් පිටියට 

(27-01-2018 11:24)

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබො වේලාවකට පෙර ලකුණු 221 ක් ලබාගත්තා.

ඒ සියලු ක්‍රීඩකයන් දැවී යාමෙන්.

අවසාන මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වුණු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

--------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(27-01-2018 11:24)

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

අද තරගයට නවක ක්‍රීඩකයකුද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එකතුවනවා. ඒ ශෙහාන් මධුසංකය. ඔහු මෙරටින් එක්දින ජාත්‍යන්තර පිටිය වෙත පිවිසෙන 186 වැනි ක්‍රීඩකයාය.