Tuesday, November 5, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් ප‍්‍රභූවරුන් රෝහල්ගතවීම ගැන ජවිපෙට ප‍්‍රශ්නයක්




FCIDය මගින් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරෙන ඇතැම් ප‍්‍රභූවරුන් හදිසියේ රෝහල්ගතවීම සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස, නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක වෙත යොමු කළ ප‍්‍රශ්නයකදීයි. එම සංවාදය පහතින් ඇසිය හැකියි.

මේ අතර තමන් විමසූ ප‍්‍රශ්නයකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි දිගින් දිගටම පිළිතුරු ලබානොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සභානායකවරයාගෙන් අද (22) ප‍්‍රශ්න කළා. ඊට වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයාද මැදිහත් වුණා. එම සංවාදයද පහතින් ඇසිය හැකියි.