Tuesday, November 5, 2024

General line - 0115112241

රිය අනතුරුවලින් සිදුවූ මරණ පහතට




මෙම වසරේ පළමු මාස 6 තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව තරමක් අඩු වී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

පසුගිය වසරට සාපේක්ෂව 75කින් එය අඩුවී ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙන්නේ.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසන්නේ රිය අනතුරු වැඩිම සංඛ්‍යාවක් සිදුවන්නේ යතුරුපැදි සහ ත‍්‍රීරෝද රථවලින් බව අධ්‍යයනවලින් පෙනී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මෙම වසරේ පළමු මාස හයේදී ත‍්‍රීරෝද රථ අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව ද අඩු වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.