රජය විසින් පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙස ඉල්ලා මාතලේ නගර මධ්‍යයේදී අද (24) දහවල් විරෝධතාවක් පැවැත්වුණා.
එය සංවිධාන කර තිබුණේ නව ප්රජාතන්ත්රවාදී මාර්ක් ලෙනින් පක්ෂය විසින්.
පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි කරන ලෙසත් ඒ සඳහා ඒකාබද්ධ ගිවිසුම් අත්සන් කරන ලෙසත් බලකරමින් මෙම විරෝධතාව පැවැත්වුණා.