ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරකයන්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හඳුන්වාදීම හෙට (30 ) සවස 5.30ට කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු කිරීමට නියමිතයි.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවකට අනුකූලව මෙම වැඩසටහන දියත් කොට තිබෙනවා.
මේ යටතේ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන ලද සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව සහ සහතිකපත් සංකේතාත්මකව පිරිනැමීම මෙම උත්සවයේ දී සිදු කෙරෙනවා. එම මුද්‍රාව එම රියදුරන්ට තම ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබෙන අතර එමගින් සංචාරකයන්ට එම රියදුරන් පහසුවෙන් හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ සේවාව ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනවා.
මේ වන විට කොළඹ, ඇල්ල, බෙන්තොට සහ දෙණියාය යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් 750කට ආසන්න ප්‍රමාණයක් මෙම පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ට ද ඉදිරි කාලය තුළ මෙම මුද්‍රාව සහ සහතිකපත් ලබා දීමට නියමිතයි. එමෙන්ම සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වෙන්වූ හැඳුනුම්පතක් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.
ත්‍රිරෝද රථවලට අමතරව අවන්හල් සඳහාත්, සංචාරක සත්කාරක නිවාස සඳහාත් මෙම සංචාරක හිතකාමි මුද්‍රාව ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.
ජූලි 30 වැනිදා සවස පවත්වන උත්සවයෙන් අනතුරුව මෙම ත්‍රිරෝද රථ නව මුද්‍රාව ද සහිතව කොළඹ නගරයේ ප්‍රදර්ශනාත්මකව ගමන් කරනු ඇති.