සිංගප්පූරුව සමග අත්සන් කළ ගිවිසුම ලෝක වෙළද සංවිධානයේ අවශ්‍යතාව මත සිදුවූ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණ සංවිධාන කළ ‘සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස’ යන තේමාව ඔස්සේ ඊයේ කොළඹදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා.
සිංගප්පූරු ගිවිසුම හරහා වත්මන් රජය බලාපොරොත්තු වන අරමුණ පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.