අලෙවි කිරීමට සූදානම් කළ පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් බගවන්තලාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (29) අත්අඩංගුවට ගැනුණා.
මෙම මාළු තොගය මහනුවර සිට ශීතරකණයක් ද නොමැතිව වාහනයකින් රැගෙන විත් ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් මාළු තොගය විනාශ කිරීමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පැවසුවා.