අධිකරණයෙන් වාරණ නියෝග ලබාගෙන ජන සටන පාද යාත‍්‍රාව නතර කිරිමට උත්සාහ කළ ආණ්ඩුව දැන් වීථි ලාම්පු නිවා ඊට බාධා කිරිමට උත්සාහ කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පැවසුවේ ඊයේ (30) දිනයේ පාද යාත්‍රාව නිට්ටඹුව නගරයෙන් අවසන් කිරීමේදී සම්පූර්ණ නිට්ටඹුව නගරයම අඳුරේ තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබූ බවයි. ඊට පෙර නෙළුම්දෙනියෙන් අවසන් කිරීමේදීද මෙම තත්ත්වයම පැවැති බවත් පැවසුවා. කෙසේවෙතත් අද (31) දිනයේදී පාද යාත්‍රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා පැමිණෙන බවද පැවසුවා.
ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් තිබුණද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවද ඊට සිය ප‍්‍රණාමය පුද කරන බවද නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.
අද (31) ජන සටන පාද යත‍්‍රාවේ හතර වන දිනය වනවා.