රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් රුධිර පරීක්‍ෂණ සඳහා පෞද්ගලික ආයතන වෙත යොමු කිරීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන් නතර කරන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසනවා.
ඒ අනුව 2017 ජනවාරි මස 01 සිට තහනම ක්‍රියාත්මක කෙරෙනවා. 2017 ජනවාරි 01 සිට සියළුම රජයේ රෝහල්වලින් ලේ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සඳහා සියළුම රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත‍්‍ර ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.